Tuesday, October 4, 2022

ළමා දිනය සැමරූ පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ දරුවන් - Children of Pamunugama YMCA celebrates the Children's Day

ඔක්තෝම්බර් පළවෙනි දිනට යෙදෙන ළමා දිනය පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගම් වාර්ෂික වැඩසටහන් කැලැන්ඩරේ අනිවාර්ය අංගයකි. දරුවන් සඳහා වෙන් කර ඇති මෙම සුවිශේෂී දිනය සැමරීම සඳහා පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ තරුණ හවුලේ නායකත්වයෙන් එක්දින කඳවුරක් ඔක්තෝම්බර් 1 වන දින පැවැත්විණ. 

මෙම කඳවුර සඳහා සංගමයේ ආබාධ සහිත දරුවන් සඳහා වූ පාසල,  බාලදක්ෂ කණ්ඩායම, නැටුම් කණ්ඩායම ඇතුළු වැඩසටහන් හා සම්බන්ධ වන දරුවන් 55 දෙනෙකු සහභාගි වූ අතර තරුණ හවුලේ සාමාජික සාමාජිකාවන් දස දෙනෙකුගේ සහයෝගය මෙම කඳුර සඳහා ලැබිණ.

සහභාගි වූ දරුවන්ගේ විනෝද විනෝදාස්වාදය උදෙසා විවිධ ක්‍රියා ක්‍රියාකාරකම්, කණ්ඩායම් ක්‍රීඩා මෙන්ම හැකියාවන් ඉදිරිපත් කිරීම සඳහා වූ විශේෂ අංගයන්ගෙන් මෙම වැඩසටහන සමන්විත විය. උදෑසන වරුවේ ක්‍රියාකාරකම් සංගම් භූමියේ දී පැවති අතර සවස්ව වරුවේ  ක්‍රියාකාරකම් සංවිධානය කොට තිබුණේ සරක්කුව වෙරළ තීරයේ දී ය. 

Children's Day is one of the main calendar events of the YMCA of Pamunugama. With the leadership of Youth Club, day camp was organized to mark this special day on 01 October 2022.

55 children representing the Scout Group, School for Children with Disabilities, Dancing Group attended the event while10 leaders from the Youth Club gave leadership to different activities at the event.

Number of games, group activities and adventure activities were organized during the day to entertain the participants on this special day dedicated for children. Activities during the morning session was held at the YMCA and the evening activities were held at the Sarakkuwa Beach.

No comments:

Post a Comment