Sunday, October 23, 2022

හපුගොඩ ශාන්ත මරියා ආදර්ශ විද්‍යාලයේ පැවැති ශිෂ්‍ය නායක වැඩමුළුව - Prefects Training at Hapugoda St. Mary's Model School

පාසලේ ශිෂ්‍ය නායකයා නායිකාවන් පුහුණු කිරීම් සඳහා නායකත්වය කඳවුරක් පැවැත්වීමට හපුගොඩ ශාන්ත මරියා ආදර්ශ විද්‍යාලය විසින් කටයුතු යොදා තිබිණ. මෙම වැඩ වැඩසටහන් සඳහා ශිෂ්‍ය නායක නායිකාවන් 35 දෙනෙකු සහභාගි වූ අතර  ඔක්තෝම්බර් මස 22 සහ 23 යන දිනයන්හි දී පාසැල් භූමිය තුළ වැඩසටහන ක්‍රියාත්මක විය.

මෙම වැඩසටහනේ පළමු දින පුරාවටම පැවති ක්‍රියාකාරකම් මෙහෙයවීමේ වගකීම පැවරී තිබුණේ පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය වෙතයි. මෙම වගකීම් ඉටුකිරීම සඳහා සංගමය සමඟ The Born to Win Relationships ආයතනයද අත්වැල් බැඳගත් අතර, දිනය පුරා දරුවන්ගේ නායකත්වය ප්‍රවර්ධනය වන ආකාරයේ ක්‍රියාකාරකම් කිහිපයක් සඳහා BTWRs  ආයතනයේ වන්නිආරච්චි මහතා,  සංගමයේ උපදේශක අරුණ ශාන්ත නෝනිස් මහතා සහ ප්‍රධාන ලේකම් රිද්ම ෆොන්සේකා විසින් සම්පත් දායකත්වය ලබාදෙන ලදී. 

මෙම ක්‍රියාකාරකම් තුලින් නායකත්වය හඳුනා ගැනීම, අරමුණු සහ ඉලක්ක ඉටුකර ගැනීම සඳහා ප්‍රමුඛතාවය දිය යුතු කාරණා තේරුම් ගැනීම, නායකත්ව හැකියාවන් ප්‍රවර්ධනය කිරීම යන අංශ කෙරෙහි අවධානය යොමු විය.  දිනය අවසානයේ ගිනිමැලයක් සංවිධානය කොට තිබූ අතර ගිනිමැලයක් සංවිධානය කිරීම පිළිබඳව පුහුණුවක්ද ශිෂ්‍ය නායක නායිකාවන් වෙත ලබා දෙන ලදී.

සංගමයේ හිටපු සභාපතිනියක මෙන්ම එම පාසලේ ගුරු මණ්ඩලයේ සාමාජිකාව වන රසිකා තිසේරා මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලයේ ආරාධනායෙන් පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය මෙම පුහුණු වැඩ සටහන් සඳහා සම්බන්ධ විය.

YMCA of Pamunugama together with The Born to Win Relationships extended the support to St.Mary's Model School to train their prefects at the Prefects Training Workshop held from 22 - 23 October at the School premises. There were 35 prefects were trained in the programme.

On an invitation received from the School, Mr. Dileepa Wanniarachchi of BTWR, Mr. Aruna Nonis and Ridma Fonseka from Pamunugama YMCA joined the programme as facilitators and led sessions through out the 1st day. 

During the day, children attended number of activities where they experienced different aspects of leadership. Understanding leadership and qualities required to become a leader, priorities for a leader were among highlighted topics during the day. At the end of the day, there was a session on conducting a campfire and also a campfire where the prefects had the opportunity to entertained themselves as well as the staff and parents who attended.

2 comments:

  1. අනාගත නායකත්වය ගොඩනැගීම පිනිස වටිනා මෙහෙයක් කරට ගෙන ඇති පමුණුගම YMCA ඉටුකරන කාර්ය භාරය පිළිබදව ආඩම්බර වෙන අතරම සුබ පතමි. මේ සදහා දායකත්වය දෙන YMCA සහෘදයන්ටත්, Born to Win ආයතනයටත්, හපුගොඩ සා. මරියාවටත් ස්තුති කරමි.

    ReplyDelete