Friday, July 19, 2024

පමුණුගම YMCA නියෝජිත පිරිසක් නෝර්වේහී පැවති ජාත්‍යන්තර මිත්‍රත්ව කඳවුරට සහභාගි වෙති

නෝර්වේහී බ්‍රොනොයිසුන්ඩ් තරුණ ක්‍රිස්තියානි සංගම්  බාලදක්ෂය කණ්ඩායම විසින් සංවිධානය කරන ලද "Friends Across Boarders" මිත්‍රත්ව කඳවුරට පමුණුගම YMCA හි හත් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී විය.  සාමාජිකයින් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට මොරටුව සහ යාපනය නියෝජනය කළ බාලදක්ෂයින් පිරිසක් ද ඇතුළත් විය.

ජූනි 26 වන දින කටුනායකින් පිටත්වූ කණ්ඩායම පළමු රාත්‍රිය ස්වීඩනයේ ගෝතම්බර්ග් නගරයේ ගත කල අතර 27 වැනිදා ඔස්ලෝ නගරයට පැමිනෙන ලදි. එහිදී ඇස්කර් බාලදක්ෂ නායක රොල්ෆ් සහ බාලදක්ෂයින් දෙදෙනෙකු විසින් ඔවුන්ව පිළිගැනීමෙන් අනතුරුව ඔස්ලෝ නගරය දැකබලාගැනීමේ අවස්ථාවද හිමිවිය. දිනකට පසු පැමිණි ශ්‍රී ලංකාව නියෝජනය කළ සෙසු පිරිස සමඟ ඔස්ලෝ ගුවන් තොටුපොලේදී නැවත එක්වීමෙන් පසු පිරිස දුම්රියෙන් බ්‍රොනොයිසුන්ඩ් වෙත ගියහ.

ජුනි 29 සිට ජූලි 6 දක්වා බ්‍රොනයිසුන්ඩ් හී ඔප්ශූන් ප්‍රදේශයේදී කඳවුර පැවති අට්ගර ඊට ක්‍රියාකාරකම් රැසක්  ඇතුළත් විය.  බාලදක්ෂයින් කූඩාරම්වල ජීවත් වූ අතර දින දෙකක පාගමණක් ද සංවිධානය කර තිබන. එහි කොටසක් කැනූ ආදාරයෙන් ගමන් කිරීමද විශේෂ අද්දැකීමක් විය.  සෑම උදෑසනකම සහභාගී සිටි රටවල ජාතික ධජ ඔසවා උදෑසන රැලිය පවත්වමින් කඳවුරේ දෛණික කටයුතු ආරම්භ කෙරින.  නෝර්වේ, ඉතාලිය සහ ඩෙන්මාර්කය නියෝජනය කරමින් බාලදක්ෂයින් 70ක් පමණ මෙම කඳවුරට සහභාගී වූහ.

සාමාජිකයින් 7 දෙනෙකුගෙන් සමන්විත පමුණුගම කණ්ඩායමට චමල්ෂා සහ සහේලි යන දැරියන් දෙදනා මෙන්ම නායිකාව ලෙසින් කාර්ය මණ්ඩලයේ රයිනි ඇතුළත් විය.  මාකලෝසා සිහින පාසලේ මරියෝ සහ හිරුෂාන් යන සිසුන් දෙදෙනා සමග පාසලේ කළමණාකාර අජිත් හැඩ්ලි සහභාගී වූ අතර පමුණුගම YMCA ප්‍රධාන ලේකම් රිද්ම ද සංචාරය සමග එක්වම ලදි.

කඳවුරෙන් පසුව, ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් සතියක් සඳහා බ්‍රොනයිසුන්ඩ් බාලදක්ෂ කණ්ඩායම සත්කාරකත්වය සපයන ලදි. මෙම කාලය තුළ ඔවුන් සැලමන් මත්ස්‍ය අගොවිපලක් නැරඹීමට, තෝර්ග්හටන් යන කන්ද තරනය කිරීමට, සංගීත උත්සවයකට සහභාගී වීම සහ නොර්වේජියානු ෆියෝඩයක බෝට්ටු සවාරියක් අත්දැකීම වැනි අමතක නොවන ක්‍රියාකාරකම් කිහිපයක නිරත වූහ.

මෙම සුවිශේෂී අවස්ථාව පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගනයේ නියෝජිතයින් හට ලබාදීම සම්බන්ධයෙන් පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ ස්තූතිය පුදකර සිටිමු.

No comments:

Post a Comment

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip