නෝර්වේහී බ්‍රොනොයිසුන්ඩ් තරුණ ක්‍රිස්තියානි සංගම් බාලදක්ෂය කණ්ඩායම විසින් සංවිධානය කරන ලද "Friends Across Boarders" මිත්‍රත්ව කඳවුරට පමුණුගම YMCA හි හත් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී විය. සාමාජිකයින් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට මොරටුව සහ යාපනය නියෝජනය කළ බාලදක්ෂයින් පිරිසක් ද ඇතුළත් විය.
ජූනි 26 වන දින කටුනායකින් පිටත්වූ කණ්ඩායම පළමු රාත්‍රිය ස්වීඩනයේ ගෝතම්බර්ග් නගරයේ ගත කල අතර 27 වැනිදා ඔස්ලෝ නගරයට පැමිනෙන ලදි. එහිදී ඇස්කර් බාලදක්ෂ නායක රොල්ෆ් සහ බාලදක්ෂයින් දෙදෙනෙකු විසින් ඔවුන්ව පිළිගැනීමෙන් අනතුරුව ඔස්ලෝ නගරය දැකබලාගැනීමේ අවස්ථාවද හිමිවිය. දිනකට පසු පැමිණි ශ්‍රී ලංකාව නියෝජනය කළ සෙසු පිරිස සමඟ ඔස්ලෝ ගුවන් තොටුපොලේදී නැවත එක්වීමෙන් පසු පිරිස දුම්රියෙන් බ්‍රොනොයිසුන්ඩ් වෙත ගියහ.
ජුනි 29 සිට ජූලි 6 දක්වා බ්‍රොනයිසුන්ඩ් හී ඔප්ශූන් ප්‍රදේශයේදී කඳවුර පැවති අට්ගර ඊට ක්‍රියාකාරකම් රැසක් ඇතුළත් විය. බාලදක්ෂයින් කූඩාරම්වල ජීවත් වූ අතර දින දෙකක පාගමණක් ද සංවිධානය කර තිබන. එහි කොටසක් කැනූ ආදාරයෙන් ගමන් කිරීමද විශේෂ අද්දැකීමක් විය. සෑම උදෑසනකම සහභාගී සිටි රටවල ජාතික ධජ ඔසවා උදෑසන රැලිය පවත්වමින් කඳවුරේ දෛණික කටයුතු ආරම්භ කෙරින. නෝර්වේ, ඉතාලිය සහ ඩෙන්මාර්කය නියෝජනය කරමින් බාලදක්ෂයින් 70ක් පමණ මෙම කඳවුරට සහභාගී වූහ.
සාමාජිකයින් 7 දෙනෙකුගෙන් සමන්විත පමුණුගම කණ්ඩායමට චමල්ෂා සහ සහේලි යන දැරියන් දෙදනා මෙන්ම නායිකාව ලෙසින් කාර්ය මණ්ඩලයේ රයිනි ඇතුළත් විය. මාකලෝසා සිහින පාසලේ මරියෝ සහ හිරුෂාන් යන සිසුන් දෙදෙනා සමග පාසලේ කළමණාකාර අජිත් හැඩ්ලි සහභාගී වූ අතර පමුණුගම YMCA ප්‍රධාන ලේකම් රිද්ම ද සංචාරය සමග එක්වම ලදි.
මෙම සුවිශේෂී අවස්ථාව පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගනයේ නියෝජිතයින් හට ලබාදීම සම්බන්ධයෙන් පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ ස්තූතිය පුදකර සිටිමු.
No comments:
Post a Comment