The YMCA of Pamunugama sincerely thanks the donors for their ongoing support, which has brightened the Christmas season for so many children.
Friday, December 27, 2024
Christmas Gifts Bring Joy to YMCA Pamunugama Children
සංගමයේ මැදිහත් වීමෙන් මෙවරත් දරුවන්ට නත්තල් තිළිණ
Friday, December 20, 2024
කැරොල් සංචාරයේ යෙදුන පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ දරුවන්
පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ දරුවන් මේ වසරේදීත් සුපුරුදු පරිදි නත්තලේ සතුට සහ සාමයේ කුමරාගේ පැමිණීමේ සුභ පණිවිඩය රැගෙන ගම්මානය පුරා කැරොල් ගීතිකා ගායනා කරමින් දෙසැම්බර් මස 20 වන දින සංචාරයේ යෙදෙන. මේ සඳහා දරුවන් තිස් පස් දෙනෙකු පමණ සහභාගී වූ අතර ඔවුන්ට සහාය වන්නට යොවුන් හවුලේ තරුණ තරුණියන් එක්වින.
Children visit houses with carrols
On December 20th, the YMCA of Pamunugama held its annual carol-singing event, spreading the joy of Christmas and celebrating the arrival of the Prince of Peace. A group of thirty-five children, joined by members of the Youth club, went from house to house singing carols. Their cheerful voices brought festive joy to each home they visited.
Friday, December 13, 2024
ස්ටෙෆාන් සහ මාටින්ගේ පමුණුගම සංචාරය
ඉන් අනතුරුව දින කීපයක් පමණුගම රැඳී සිටි ඔවුහු තරුණ තරුණියන් සමඟ මෙනෙහි කිරීමේ වැඩසටහනකට නායකත්වය ලබා දෙන ලදී. තරුණ ක්‍රිස්තියානි සංගමයේ කාර්යමණ්ඩලය සහ පාලක මණ්ඩල සාමාජික සාමාජිකාවන් සමඟ සාකච්ඡා කීපයකටම එක් වූ ඔවුන් පමුණුගම සහ මියුනිච් අතර ඉදිරියේදී ඒකාබද්ධව කටයුතු කරන ආකාරය පිළිබඳවද සංවාද කරන ලදී.
ඔවුන් දෙදෙනා දෙසැම්බර් 7 වන දින ලංකාවට පැමිණි අතරින් දෙසැම්බර් 10 දින මාටින් මෙරටින් පිටත් වූ අතරින් 11 දින ස්ටෙෆාන්සේ තවත් රැස්වීම් කීපයක් සඳහා කොළඹ බලා පිටත් විය. මොවුන් දෙදෙනාගේ පැමිණීම සංගමයට මහත් ගෞරවයක් වන අතර ඒ පිළිබඳව පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය ඔවුන්ට ස්තූතිවන්ත වෙමු.
Stefan and Martin Visit Strengthens YMCA Friendship between Munich and Pamunugama
They arrived on December 7 and participated in the 50th Anniversary Thanksgiving Service and Evening Celebration. They also led sharing and keynote speech at both the events. After the events, they spent time with the YMCA members, creating lasting memories.
Martin departed on December 10, and Stefan on December 11, leaving behind an inspiring example of friendship, collaboration, and shared purpose within the YMCA family.
Monday, December 9, 2024
වර්ණවත්ව පැවැති ප්‍රධාන සැමරුම් උත්සවය
පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ 50 වන සංවත්සර සැමරුම් උත්සවය දෙසැම්බර් මස 8 වන දින සන්ධ්‍යාවේදී කැපුම්ගොඩ ඩ්රීම්ස්කේප් ගාර්ඩ්න් හීදී පවත්වන ලදී. මේ සඳහා YMCA සාමාජිකයින් ඇතුළු 80 දෙනෙකු පමණ එකතු විය.
සහභාගී වූවන් අතර ආබාධ සහිත පුද්ගලයින් නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා සහ ඔහුගේ බිරිඳ විශේෂ ආරාධිතයින් ලෙස පැමිණ සිටීම සංගමයට ගෞරවයක් විය. සුගත් වසන්ත ද සිල්වා මහතා උත්සව සභාව අමතමින් කළ කතාවේදී පනස් වසරක් පුරාවට පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය සමාජ මෙහෙවරේ යෙදීම පිළිබඳව තම ප්‍රශංසාව පළ කරන ලදි. එමෙන්ම ආබාධ සහිත පුද්ගලයින් අන්තර්කරණය වෙනුවෙන් ඉදිරියටත් කැපවීමෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටියේය.අලංකාර 50 වන සංවත්සර කේකය කැපීමෙන් අනතුරුව ආරම්භ වූ උත්සවය වර්ණවත් කරමින් අපූරු නර්තන ප්‍රසංග දෙකක් සන්ධ්‍යාවට ඇතුළත් විය. පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ මිත්‍ර කණ්ඩායමක් වන නෝර්වේ හි ඇස්කර් බාලදක්ෂ කණ්ඩායම විශේෂ වීඩියෝ පටයක් මගින් තම සුබ පැතුම් එක් කොට තිබූ ආකාරය සියලු දෙනාගේම අවධානය දිනා ගත්තේය. මියුනිච් YMCA හි ප්‍රධාන ලේකම් ස්ටෙෆාන් නික්ලස් මහතා විසින් උණුසුම් සුභ පැතුම් සහ දිරිගන්වමින් එක් කරමින් උත්සවයේ ප්‍රධාන දේශනය ඉදිරිපත් කරන ලදි. ඔහුට එකතු වූ මියුනිච් තරුණ ක්‍රිස්තියානි සංගමයේ මාර්ටින් මහතා ද පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය සමඟ ඇති මතකයන් අලුත් කරමින් වීඩියෝ පටයක් ප්‍රදර්ශනය කරමින් තම අදහස් බෙදා ගන්නා ලදී. ශ්‍රී ලංකා තරුණ ක්‍රිස්තියානි සංගම් හි ජාතික සභාව නියෝජනය කරමින් නිරංග ප්‍රනාන්දු මහතා සභාව අමතමින් සුබ පැතුම් පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය වෙත පිරිනැමීය.
මීගමුව, මොරටුව, මහනුවර යන තරුණ ක්‍රිස්තියානි සංගම් නියෝජනය කරමින් සාමාජික සාමාජිකාවන් රැසක් මෙම උත්සවය සඳහා එක්ව සිටියේ තරුණ ක්‍රිස්තියානි සංගම් හි පවතින සහෝදරත්වයේ සංකේතයක් වශයෙනි. අමුත්තන් වෙනුවෙන් ඉතා මිත්‍රශීලී වටපිටාවක් තුළ කෙටි ආහාර, බීම සහ රසවත් රාත්‍රී භෝජන සංග්‍රහයක් ද සංවිධානය කොට තිබිණ.
මෙම සැමරුම පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයෙහි දිගු ගමන, එහි සාමාජිකයින්ගේ කැපවීම සහ අනාගතය සඳහා එහි සැලසුම් පිළිබඳ සුන්දර මතක් කිරීමක් විය. එය අවසන් වූයේ කෘතවේදීත්වය, එකමුතුකම සහ අඛණ්ඩ සාර්ථකත්වය සඳහා බලාපොරොත්තුවේ ශක්තිමත් පණිවිඩයක් සමඟිනි.
Sunday, December 8, 2024
YMCA Pamunugama Marks 50th Anniversary with Evening Celebration
One of the highlights of the evening was the presence of Mr. Sugath Wasantha De Silva, a parliamentarian representing persons with disabilities, and his wife. In his speech, Mr. De Silva praised YMCA Pamunugama for its meaningful work and encouraged everyone to continue promoting inclusion for persons with disabilities.The evening included two wonderful dance performances, adding color and joy to the celebration. A video greeting from Asker YMCA brought an international connection to the event. Stefan Nicklas, General Secretary of Munich YMCA, delivered the keynote speech, sharing warm wishes and words of encouragement. Niranga, representing the National Council of YMCAs of Sri Lanka, also extended greetings and congratulations.
Friends from Negombo, Moratuwa, and Kandy joined in, making the event even more special. Guests enjoyed snacks, drinks, and a delicious dinner in a friendly and cheerful atmosphere.
The celebration was a beautiful reminder of YMCA Pamunugama’s long journey, the dedication of its members, and its plans for the future. It ended with a strong message of gratitude, unity, and hope for continued success.
Thanksgiving Service Marks 50th Anniversary of YMCA Pamunugama
During the service, the students of the YMCA Pre School and Makalause Dream School also performed a couple of dances.
පමුණුගම YMCA පනස්වන සංවත්සර ස්තූති පුද කිරීමේ මෙහෙය
දේව මෙහෙය අතරතුර YMCA පෙර පාසලේ සහ මාකලෝසා සිහින පාසලේ සිසු සිසුවියන් විසින් අලංකාර නර්තනයන්ද ඉදිරිපත් කරන ලදී.
පින්තූර සඳහා ක්ලික් කරන්න
Monday, November 4, 2024
හපුගොඩ ශාන්ත මරියා ආදර්ශ විද්‍යාලයේ පැවති එක් දින කඳවුර.
පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ තරුණ සාමාජික සාමාජිකාවන් පස්දෙනෙකු සහ කාර්යමණ්ඩලයේ දෙදෙනෙකු මෙම කඳවුරට නායකත්වය ලබා දුන් අතර දරුවන් සියයකට අධික ප්‍රමාණයක් සහභාගී විය.
විශාල ප්‍රමාණයක් මෙම කඳවුරු සඳහා සහභාගි වූ බැවින් පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ නායක නායිකාවන් හට අභියෝගාත්මක මෙන්ම නවමු අත්දැකීමක් විය.
Pamunugama YMCA Leads Day Camp at Hapugoda St. Mary's Model School
The day featured a mix of indoor and outdoor games, group activities, and lively camp songs. As the sun set, the students gathered around a campfire, sharing performances, songs.
With a large group of students, the day posed new challenges for the YMCA team, but they embraced the opportunity. Five youth leaders and two YMCA staff led the activities, ensuring each camper felt included and inspired. This successful event was a memorable experience for both the students and the YMCA team.