සෑම වසරකම පාහේ ඕස්ට්‍රේලියාවේ Help Orphans Now ආයතනයේ අනුග්‍රහයෙන් පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ වැඩසටහන් සඳහා සම්බන්ධ වන බාල දක්ෂ බාලදක්ෂිකාවන්, මාකලෝසා සිහින පාසලේ දරුවන්, පෙර පාසලේ දරුවන් සහ පමුණුගම බාලිකා නිවාසයේ දරුවන් සඳහා ත්‍යාග පිරිනැමීම මේ වසරේදී ද දෙසැම්බර් මස 20 වන දින සිදු කෙරිණ.
මේ සඳහා Help Orphans Now නියෝජනය කරමින් ඔවුන්ගේ පවුල් හි සාමාජික සාමාජිකාවන් කිහිපදෙනෙකුම සම්බන්ධ විය. මෙම වැඩසටහන යටතේ දරුවන් දෙසීයකට ආසන්න පිරිසක් පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය හරහා ත්‍යාග ලැබිණ. වාර්ෂිකව නොකඩවා සිදුකරන මෙම මහඟු ක්‍රියාව සම්බන්ධයෙන් මේ සඳහා දායක වන සියලු දෙනා හට පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය ස්තූතිය පුදකර සිටිමු.
No comments:
Post a Comment