Wednesday, May 20, 2026

HVM 3 පුහුණු වැඩමුළුවට සහභාගී වූ පමුණුගම YMCA

2026 මැයි 16 වන සෙනසුරාදා, තරුණ ක්‍රිස්තියානි සංගම් ජාතික සභාවේ දී පැවති HVM 3 (ඉතිහාසය, දැක්ම සහ මෙහෙවර) පුහුණු වැඩමුළුව සඳහා දිවයින පුරා විසිරී සිටින තරුණ ක්‍රිස්තියානි සංගම් සාමාජික සාමාජිකාවන් 15 දෙනෙකුගේ කණ්ඩායමක් සමඟ පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය නියෝජනය කරමින් මිනද, සඳරු, සෙනසි, තක්ෂිලා සහ රයිනි යන පිරිස සහභාගී විය. පෙර ප්‍රාදේශීය මට්ටමින් පැවැත්වූ HVM 1 මූලික පුහුණු වැඩසටහන්වල මීලඟ පියවරක් ලෙස මෙම වැඩමුළුවට පැවැත්වින. 

ශ්‍රී ලංකා තරුණ ක්‍රිස්තියානි සංගම් ජාතික සභාවේ හිටපු සභාපති සමන් පෙරේරා පියතුමාගේ මෙහෙයවීමෙන් පැවති මෙම වැඩසටහන, YMCA ව්‍යාපාරයේ පරිණාමය පිළිබඳ ගැඹුරු අධ්‍යයනයකට අවස්ථාව සලසා දුන්නේය. මෙහිදී සහභාගී වූවන් වර්තමාන ක්‍රිස්තියානි මෙහෙවර පිළිබඳව මෙන්ම, 'Challenge 21' සහ අපගේ වර්තමාන මගපෙන්වන ලියවිල්ල වන 'Vision 2030' ලියවිල්ල පිළිබඳවද අධ්‍යයනයක යෙදින. 

මෙම අත්දැකීම අපගේ තරුණ සාමාජිකයන්ට සහ කාර්ය මණ්ඩලයට තරුණ ක්‍රිස්තියානි සංගමයෙහි  ගෝලීය අනන්‍යතාවය හැඩගස්වන මූලික වටිනාකම් සමඟ අනන්‍ය වීමට ලැබුණු වටිනා අවස්ථාවක් විය. 

No comments:

Post a Comment