Thursday, May 21, 2026

අන්තර්කරනීය අවුරුදු උදානය 2026

පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ තරුණ තරුණියන් විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන අලුත් අවුරුදු ජන ක්‍රීඩා වැඩසටහන මැයි මස 17 වන දින පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගම් භූමියේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණ. 

වයස් කාණ්ඩ ගණනාවක් යටතේ ප්‍රදේශයේ දරු දැරියන් සඳහා ක්‍රීඩා රාශියක් මෙන්ම තරුණ සහ වැඩිහිටි කණ්ඩායම් වෙනුවෙන්ද විවෘත තරග කිහිපයක්ම පැවැත්වුණු අතර, කොට්ටාපොර, වාසනා මුට්ටිය බිඳීම, හැන්ද මත දෙහි ගෙඩිය ගෙන යාම, ගෝනි රේස්, කාසිය සෙවීම, ඉදිකටුවට නූල දැමීම වැනි සම්ප්‍රදායික ජන ක්‍රීඩා මෙන්ම ටෙඩිබෙයාර්ට නම තැබීම සහ නලල මත බිස්කටය තබා කෑම වැනි නූතන අවුරුදු ක්‍රීඩාවන්ගෙන්ද මෙම වැඩසටහන වර්ණවත් විය.

මෙම වැඩසටහන සඳහා පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ ළමා සාමාජික සාමාජිකාවන්, පෙර පාසලේ දරු දැරියන්, ප්‍රදේශයේ දරු දැරියන්, මාකලෝසා සිහින පාසලේ දරුවන් සහ අසල්වාසීන් ඇතුළු 300 කට අධික පිරිසක් ඉතා උද්යෝගයෙන් සම්බන්ධ වූහ. ක්‍රීඩා උළෙල පැවති කාලසීමාව පුරාම දැකගත හැකි වූයේ සතුටින් පිරි සුහද වාතාවරණයකි.

මෙවැනි ක්‍රියාකාරකම් තුළින්, අබාද සහිත ප්‍රජාව අන්තර්කරණය, සතුට සහ විනෝදය ජනතාව අතර බෙදා දීම පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ අරමුණයි. වසරින් වසර පැවැත්වෙන මෙම ක්‍රීඩා උළෙල ප්‍රජාවගේ සුහදත්වය වර්ධනය කරන කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇති අතර, ඉදිරියටත් මෙවැනි වැඩසටහන් සංවිධානය කරමින් ග්‍රාමීය මට්ටමින් විවිධ ක්‍රියාකාරකම් දියත් කිරීමට සංගමය බලාපොරොත්තු වේ. 

No comments:

Post a Comment