Sunday, October 20, 2024

ළමා දිනය සමරමින් පමුණුගම දරුවන් සත්වෝද්‍යානය සහ කොළඹ චාරිකාවක.

අයහපත් තත්ත්වය හේතුවෙන් කල් දැමීමට සිදු වූ ලෝක ළමා දින සැමරුම වෙනුවෙන් සංවිධානය කරන ලද චාරිකාවන් ඔක්තෝබර් මස 19 වන දා සිදුකෙරෙන.  මෙම චාරිකාව සඳහා සංගමයේ බාල දක්ෂ බාලදක්ෂිකාවන් 25 දෙනෙකු සහ මාකලෝසා සහ සිහින පාසලේ දරු දැරියන් අට දෙනකු සම්බන්ධ විය.  ඔවුන්ගේ සහයට කාර්ය මණ්ඩලයේ හතර දෙනකු සහ යොවුන් හවුලේ තරුණ තරුණියන් හය දෙනෙකුද එක්වි විය. 

උදෑසන හයට පමුණුගමින් පිටත් වූ ඔවුන් ප්‍රථමයෙන් දෙහිවල ජාතික සත්වෝද්‍යානයට පැමිණියෝය. විවිධ සතුන් මත්සෙයින් සහ පක්ෂීන් නරඹමින් උදෑසන වරුව සත්වෝද්‍යානයේ ගත කරන ලදී. 

දිවා ආහාරය සත්‍යෝද්‍යානයේදී ලබාගත් අතරේන් අනතුරුව නවා තැන වූයේ ගංගාරාම රජමහා විහාරයයි.  එය නැරඹීමෙන් පසු සවස් කාලය විහාර මහා දේවී උද්‍යානයේ සහ ගාලු මුවදොර පිටියේදී විවේකීව ගතකරන ලදි. දිනය තුළ දරුවන් හට බොහෝ දේ දැක බලා ගැනීමටත් සතුටින් විනෝදයෙන් එක්ව කාලය ගත කිරීමටත් අවස්ථාව උදා විය. 

සංගමය තුළ නිතිපතා සිදුවන මා ක්‍රියාකාරකම්වලට අමතරව ඔවුන්ව පිටස්තර පරිසරයට රැගෙන යාම තුළින් අත්දැකීම් ලබාදීමටත් පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය නිරන්තරයෙන් කැපවී සිටි. 

No comments:

Post a Comment