Thursday, September 19, 2024

කැපුන්ගොඩ අහස වර්ණවත් කළ පනස්වන සංවත්සර සරුංගල් උළෙල

පමණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය පනස් වසරක සේවා සැමරුමේ තවත් එක් විශේෂ පියවරක් ලෙස සරුංගල් උළෙලක් සැප්තැම්බර් මස 17 වන දින සවස කැපුන්ගොඩ වෙරළ තීරයේදී පවත්වන ලදී. "කයිට්ස් ඔෆ් යුනිටි" යන තේමාව ඔස්සේ සංවිධානය කරනු ලැබූ මෙම සරුංගල් උළෙල සඳහා මූලිකත්වය ගනු ලැබූවේ සංගමයේ තරුණ හවුලයි.

මෙම උළෙල සඳහා සංගමයේ දරු දැරියන්, මාකලොසා සිහිනය පාසලේ සිසු සිසුවියන්, ප්‍රදේශවාසීන් සහ අවට ගම්මානවල සිට පැමිණි අයගේ සරුංගල් 100 ක් පමණක්ම සම්බන්ධ වී තිබිණ. උළෙලට සමගාමීව හොඳම සරුංගලයය තේරීමේ තරගයක්ද පැවතිය අතරන් ප්‍රථම දෙවන සහ තුන්වන ස්ථාන දිනාගත් සරුංගල් සඳහා මුදල් සහ සහතිකපත් පිරිනිවන ලදී.  

සරුංගල් තරඟයේ තේරීම් කටයුතු සඳහා දුංගාල්පිටිය පොලිසිය නියෝජනය කරමින් නිලධාරීන් හතර දෙනකුට සම්බන්ධ විය.  ඉතා වර්ණවත් සහ නිර්මාණශීලී සරුංගල් රැසක් මෙම උළෙල සඳහා සහභාගි වී තිබීම විශේෂත්වයකි. 

පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය මෙවර සරුංගල් උළෙල සංවිධානය කරනු ලැබුවේ පස්වන  වතාවට වන අතර තම පනස්වන සංවත්සරය සැමරීමේ තවත් එක් වැඩසටහනක් ලෙස මෙවර සංවිධානය කර තිබීම විශේෂත්වයකි. 

පෙර වසර වලටත් වඩා මෙවර සරුංගල් උළෙල සඳහා සරුංගල් සහභාගි වී තිබීමෙන් පෙනී යන්නේ වසරින් වසර මෙම වැඩසටහන සඳහා ඇති සහභාගිත්වය  ඉහළ ගොස් ඇති බවයි. ඉදිරියේදී ද මෙවැනි වැඩසටහන් සංවිධානය කිරීම තුළින් ජනතාව අතර සංගමයේ වැඩකටයුතු ප්‍රචලිත කිරීමට    බලාපොරොත්තුවෙන් සිටි.    

පින්තූර සඳහා මේ මත ක්ලික් කරන්න

No comments:

Post a Comment