Thursday, September 19, 2024

පනස් වන සංවත්සර ළමා කඳවුර සාර්ථකව අවසන් වෙයි

පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ  පනස් වසරක සේවා සැමරුමේ තවත් එක් පියවරක් ලෙස  සංගමයේ දරු දැරියන් වෙනුවෙන් පැවැත්වූ ළමා කඳවුරුදු සැප්තැම්බර් මස 14 දින සිට 17 දක්වාම තරුණ ක්‍රිස්තියානි සංගම් භූමියේදී පැවැත්විණ. "නිමා නොවන හසරැල්" යන තේමාවෙන් පැවැතින් මෙම කඳවුර සඳහා මාකලෝසා පාසලේ දරුවන් සහ බාලදක්ෂ බාලදාක්ෂිකාවන් ඇතුළු දරුවන් තිස්පස් දෙනකු සහභාගි විය. මෙම කඳවුර සඳහා නායකත්වය ලබා දුන්නේ සංගමයේ තරුණ හවුලේ සාමාජික සාමාජිකාවන් 15  දෙනෙකු විසිනි.

කඳවුරු සහභාගී වන්නන් විසින් තම කඳවුරු භූමිය සකසා ගැනීමෙන් අනතුරුව ආරම්භයේදී කඳවුරු ගීතය සහ කඳවුරු නැටුම පුහුණුවන ලදී. එම ගීතය සහ නැටුම කඳවුර පුරාවටම දරුවන්ව සතුටින් සහ උද්යෝගයෙන් තැබීමට හේතුවක් විය.  මෙහිදී දරුවන් ඉතා සහයෝගයෙන් එක්ව කටයුතු කරන ලදී. 

කඳවුරේ ගත කළ දෙවන දිනයේ පැවැති ක්‍රියාකාරකම් අතරින් පා ගමන මූලිකත්වයක් ගනියි. දරුවන් තෙප්පම් ආධාරයෙන් කලපුව හරහා ගමන් කිරීමෙන් අනතුරුව තමන්ට ලැබුණු සිතියම උපයෝගී කරගනිමින් ලබා දුන් ඉලක්කයන් වෙත පාගමනින් ගමන් කරන ලදි.  මෙම ක්‍රියාකාරකම් ඔස්සේ දරුවන්ගේ සිතියම් කියවීමේ හැකියාව වර්ධනය මෙන්ම ඉලක්කයක් කරා ගමන් කිරීමේ හැකියාව ද මුවහත් විය. එදින සවස් වරුවේ දරුවන් වෙරළ තීරයට ගොස් එහි තිබූ ප්ලාස්ටික් බෝතල් විශාල සංඛ්‍යාවක් එකතු කරමින් පරිසරය රැකබලා ගැනීමට ද තම දායකත්වය දක්වන ලදී. එදින දිවා හරයෙන් පසුව පරිසර දහම් පාසලේ නියෝජිතයන් පිරිසක් විසින් පරිසරයේ සුන්දරත්වය සහ එය රැක බලා ගැනීමේ වැදගත්කම පිළිබඳව වැඩසටහනක් සිදුක කරන ලදී. 

කඳවුර පුරාවටම දරුවන් හට කර්තව්‍යයන් කීපයක් පැවරිණ. ඒ අතර කඳවුරු භූමියක් පිරිසිදුව පවත්වා ගැනීම, දෛනිකව බිත්ති පුවත්පත සැකසීම සහ තම ආහාරපාන පිස ගැනීම ප්‍රධාන විය. ඒ ඔස්සේ ඔවුන්ගේ ස්වාධීනත්වය මෙන්ම නිර්මාණාත්මක භාවයද වැඩිදියුණු කරන ලදී. 

කඳවුරේ අවසන් දිනයේදී ඉන්දියාවේ සිට පැමිණි  සිසුන් පිරිසක් කඳවුර බැහැදකින ලදී. මෙහිදී ඔවුන් ඉන්දියානු සංස්කෘතිය පිළිබඳව කෙටි ඉදිරිපත් කිරීමක් කළ අතර  ඒ හා සමාන ඉදිරිපත් කිරීමක් සංගමයේ තරුණ තරුණියන් විසින් ඔවුන් වෙත සිදුකරන ලදී. 

ඉන් අනතුරුව දරුවන් සරුංගල් සැකසීම පිළිබඳව කෙටි හඳුන්වා දීමේ වැඩසටහනකට සහභාගී විය. පසුව සන්ධ්‍යාවේ පැවැති ගිනි මැල සංදර්ශනයේදී ඔවුන්ගේ හැකියාවන් කණ්ඩායම් හතරක් ලෙස ඉදිරිපත් කරන ලදි. 

මෙම කඳවුරට සහභාගි වූ දරුවන් පවසන ලද්දේ කඳවුර ඔස්සේ ඔවුන්ට නැවුම් මෙන්ම අභියෝගාත්මක අත්දැකීම් රැසක් ලබා ගැනීමට හැකි වූ බවයි.  මෙවැනි කඳවුරු ඉදිරියේදීත් සංවිධානය කිරීම තුළින් දරුවන්ගේ පූර්ණ වර්ධනය සඳහා කැපවීම තහවුරු කිරීමට පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය කැපවී සිටි.

පින්තූර සඳහා මේ මත ක්ලික් කරන්න

No comments:

Post a Comment

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip