Wednesday, June 26, 2024

ගංවතුරෙන් ආපදාවට පත් දරුවන් සඳහා වව්චරපත් පිරිනැමේ.

තරුණ ක්‍රිස්තියානි සංගම් නිර්මාතෘ දිනය වූ ජුනි මස 06 වන දින පමුණුගම සහ මීගමුව තරුණ ක්‍රිස්තියානි  ඒකාබද්ධව ජාඇල, කණුවන, ඇලෙක්සැන්ඩ්‍රා වත්ත ප්‍රදේශයේ ගංවතුරින් අවතැන් වූවන් සඳහා දිවා ආහාර පාර්සල් සියයක් ලබා දෙන ලදී.  එම අවස්ථාවේදී කරන ලද ඉල්ලීමකට අනුව ආපදාවට ලක් වූ එම පවුල්වල දරුවන් සඳහා 20 දෙනෙකු සඳහා පාසැල් උපකරණ මිලදී ගැනීම සඳහා අවශ්‍ය වන වව්චර් පත් බෙදා දීමක් ජුනි මස 26  දින සිදු විය.  එක් දරුවකු සඳහා රුපියල් හාරදහසක් වටිනා වව්චර් පත් මෙහිදී ප්‍රධානය කෙරිණ.  

පමුණුගම සහ මීගමුව යන තරුණ ක්‍රිස්තියානි සංගම් දෙකෙහි ඒකාබද්ධ ඉල්ලීමකට අනුව මේ සඳහා මූල්‍යමය දායකත්වය තරුණ ක්‍රිස්තියානි සංගම් ජාතික සභාව විසින් ලබා දෙන ලදී.  වව්චර්පත් බෙදා දීමේ අවස්ථාවට සංගම් දෙකෙහි ප්‍රධාන ලේකම්වරු සම්බන්ධ වූ අතර ජා ඇල ප්‍රාදේශීය සභාවේ ආපදා  කළමනාකරණ නිලධාරිතුමාගේ මැදිහත්වීමෙන් ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරිනිය විසින් වැඩසටහන සම්බන්ධීකරණය සිදුකරන ලදී.


1 comment:

  1. හැම YMCA වැඩසටහනක්ම කෙළවරදී ඊළග පියවර විවෘත වන්නේ නම් එය ⁣⁣දෙපාර්ශවයටම පලදායකය.
    ජනතාවට මෙන්ම YMCA ටද එය යහපත් සබදතාවයක ආරම්භය වනු ඇත.
    වැඩසටහනක් අවසන ලිපිගොනුව වසාදමා ඊළග වැඩය ගැන සිතන්නේ නම් අපට ඉතිරිවන්නේ ලිපිගොනු ගොඩක් පමණකි.
    එහෙත් යහපත් සබදතා අපේ ජීවිතවලට එක්කරන දේ අමිළය.
    එම අර්ථයෙන් ගත්විට මෙම පියවර අගය කළ යුතුය.

    -ෂෙල්ටන්-

    ReplyDelete

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip