Thursday, May 2, 2024

අවුරුදු ක්‍රීඩා උළෙල

ප්‍රදේශයේ දරු දැරියන් සඳහා පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය මගින් වාර්ෂිකව සංවිධානය කෙරෙන අවුරුදු ක්‍රීඩා උළෙල මැයි මස පළවන දින සංගම් භූමියේදී පැවැත්විණ.  සුපුරුදු පරිදි මෙවරද අවුරුදු ක්‍රීඩා උළෙල සංවිධානය කරනු ලැබූයේ සංගමයේ තරුණ හවුලේ පූර්ණ දායකත්වයෙනි.  

විවිධ වයස්කාන්ඩ යටතේ පෙරපාසලේ දරුවන්ගේ සිට වයස අවුරුදු දාසිය දක්වා දරුවන් සඳහා විවිධ වයස් කාණ්ඩ යටතේ අවුරුදු ක්‍රීඩා විස්සකට අධික ප්‍රමාණයක් පැවැත්විණ. අලියාට ඇස තැබීම, කොට්ටා පොර ගැසීම,  හැන්ද මත දෙහි ගෙඩිය ගෙන යෑම, ගෝනි රේස්, වාසනා මුට්ටිය බිඳීම වැනි තරග ගණනාවක් මේ අතර විය. සංගමය මගින් පවත්වාගෙන යනු ලබන මාකලෝසා සිහිනය පාසලේ ආබාධ සහිත දරුවන්ද මෙම ක්‍රීඩා උළෙලට අනෙකුත් ළමුන් සමඟ උරයෙන් උර ගැටෙමින් සම්බන්ධ වන ලදී. 

තරුණ සහ වැඩිහිටි කොටස් සඳහා ද යෝගට් කැවීම,  ඉඳිකටුවට නූල දැමීම, වතුර පිරවූ බැලූන් ඇලීම වැනි විනෝද ක්‍රීඩා සංවිධානය කර තිබිණ. 

මෙම තරග සඳහා සියලු දෙනාම ඉතා උද්යෝගයෙන් සහ සතුටින් සහභාගිවීම තුළින් ගම්වාසී දරු දැරියන් අතර මෙන්ම සංගමයේ විවිධ වැඩසටහන් සඳහා සහභාගී වන දරු දැරියන් අතරේ සහයෝගය සහ හඳුනා ගැනීම ප්‍රවර්ධනය විය. 

දරු දැරියන් සියයකට අධික ප්‍රමාණයක් මෙම වැඩසටහන සඳහා සම්බන්ධ වූ අතරින් එය නැරඹීමට සහභාය දැක්වීමට තවත් සියයකට අධික ප්‍රමාණයක් සම්බන්ධ විය.

No comments:

Post a Comment