Tuesday, December 16, 2025

2 වන ආසියානු YMCA මෙහෙවර සමුළුව

2025 නොවැම්බර් 21 සිට 24 දක්වා හොංකොං හි හොංකොං YMCA හෝටලයේ  හි පැවති 2 වන ආසියානු YMCA මෙහෙවර සමුළුවට පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයෙහි හි ප්‍රධාන ලේකම් රිද්ම  ෆොන්සේකා සහභාගී විය. මෙම සමුළුවට ආසියාව පුරා රටවල් සහ ජර්මනිය, එංගලන්තය සහ ඇමරිකා එක්සත් ජනපදය නියෝජනය කරමින් 70 කට අධික සංඛ්‍යාවක් සහභාගි විය.  

ජොහාන් 10:9 - " දොරකඩ නම් මමය. යමෙක් මා කරණකොටගෙන ඇතුල්වේද,  ඔහු ආරක්ෂා කරනු ලැබ ඇතුලට සහ පිටතට ගොස් ගොදුරු ලබන්නේය." යන දේව වාක්‍යය තේමා කොට ගනිමින් මෙම සමුළුව සංවිධානය කර තිබූ අතර, යාච්ඤාව, මෙනෙහි කිරීම සහ නමස්කාරය සඳහා සමුළුව අතරතුර මූලික තැනක් ලබා දෙන ලදී.  එමෙන්ම මෙහි  ප්‍රධාන සංකේතාත්මක මොහොතක් වූයේ පැරිස් පදනමෙහි පිටපතක් අත්සන් කිරීම මගින් පැරිස් පදනම තරුණ ක්‍රිස්තියානි සංගමයේ හදවත ලෙස පිළිගන්නා බව සහභාගි වූ පිරිස විසින් තහවුරු කිරීමයි.

ආසියානු තරුණ ක්‍රිස්තියානි සංගම් මෙහෙවර ජාලයේ ප්‍රධාන කණ්ඩායමේ සාමාජිකයකු වන රිද්ම ෆොන්සේකා මෙම සමලුව සඳහා ලෙස ක්‍රියාකාරී ලෙසම්බන්ධ වූ අතර කුඩා කණ්ඩායම් සාකච්ඡා මෙහෙයවමින් ද, නොවැම්බර් 24 වන දින උදෑසන මෙනෙහි කිරීම මෙහෙයවමින් සහ සර්ව රාත්‍රික යැදුම් මෙහෙයේ එක් කොටසකට නායකත්වය දෙමින් කටයුතු කරන ලදී.   

සමුළුව අතරතුර සාකච්ඡා සඳහා මඟ පෑදූ ප්‍රධාන සැසි 4ක් පැවැත්විණි.

1. ප්‍රධාන දේශනය 1 - YMCA මෙහෙවර සමාලෝචනය: මියුනිච් YMCA හි ප්‍රධාන ලේකම් ජෝකිම් ෂ්මුට්ස් මහතා, නොවැම්බර් 21 වන දින පිළිගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයේදී ඉදිරිපත් කරන ලදී.

2. ප්‍රධාන දේශනය 2 - ක්‍රිස්තුස් වහන්සේ තුළින් අපගේ පදනම ශක්තිමත් කිරීම: සේලම් YMCA හි සභාපති ආචාර්ය සැමුවෙල් ස්ටීවන්ස්නො, වැම්බර් 22 වන දින ටාඕ ෆොන්ග් ෂාන් ක්‍රිස්තියානි මධ්‍යස්ථානයේදී ඉදිරිපත් කරන ලදී.

3. ප්‍රධාන දේශනය 3 - ඇදහිල්ල තුළින් ජනතාව වෙතට යෑම: මෙහෙවර පුළුල් කිරීම සහ තිරසාර කිරීම: හොංකොං හි YMCA හි ප්‍රධාන ලේකම් පීටර් හෝ මහතා, නොවැම්බර් 23 වන දින යිම් ටින් ට්සායි හිදී ඉදිරිපත් කරන ලදී.

4. ප්‍රධාන දේශනය 4 - දෙවිඳුන් තුළ රැකවරණය සොයා ගැනීම: දැක්ම සහ හවුල්කාරිත්වයන් පෝෂණය කිරීම, CITY ​​ව්‍යාපාරයේ නිර්මාතෘ සහ එක්සත් ජනපද ජාල නායක ආචාර්ය ඩේවිඩ් නිව්මන්නො, වැම්බර් 24 වන දින තරුණ ක්‍රිස්තියානි සංගම් රැස්වීම් ශාලාවේදී ඉදිරිපත් කරන ලදී.

මෙම වැඩසටහනට චාරිකා දෙකක් ද ඇතුළත් විය:  වූ ටාඕ ෆොන්ග් ෂාන් ක්‍රිස්තියානි මධ්‍යස්ථානයට ගිය ගමන තුළින් නමස්කාරය සහ මෙනෙහි කිරීම සඳහා අවස්ථාවක් උදා වූ අතර යිම් ටින් ට්සායි හි ශාන්ත ජෝසප් දේවස්ථානයට සංවිධානය කර තිබූ චාරිකාව තුළින් ඇදහිල්ල, සංස්කෘතිය සහ ප්‍රජා මෙහෙවර ඒකාබද්ධ කිරීම පිළිබඳ අධ්‍යනය කිරීමට හැකි විය.   

ආසියාව පුරා YMCA ක්‍රිස්තියානි මෙහෙවර ශක්තිමත් කිරීම සහ පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය කුළුණු ලෙස සහයෝගීතාවය, නායකත්ව සංවර්ධනය සහ තරුණ කිතුණු ශ්‍රාවකත්වයේ වැදගත්කම සමුළුව නැවත තහවුරු කළේය.

No comments:

Post a Comment