මාකලෝසා සිහින පාසලේ දරුවන් අට දෙනෙකු, ගුරුතුමියන් දෙදෙනා සහ කළමනාකාරතුමන් මාර්තු මස 27 වන දින පමුණුගම තැපැල් කාර්යාලය බැහැදුටූහ. තැපැල් ස්ථානාධිපතිනිය වූ ඩිල්ශානි මල්ලවාරච්චි මහත්මිය හා කාර්යාල නිලධාරි මහත්මා මහත්මීන් විසින් උණුසුම් ව පිළිගනු ලැබූ මාකලෝසා දරුවෝ තැපැල් කාර්යාලයට අදාළ ක්‍රියාකාරකම්වලට යොමු කරනු ලැබූහ.
අනතුරුව, මාකලෝසාහි අප දරුවන් වෙනුවෙන් ම සංවිධානය කර තිබූ විනෝද වැඩසටහන් ගණනාවකටද ඔවුහූ සහභාගි වූහ. තවද, විවිධ කටයුතු සඳහා කාර්යාලයට පැමිණි ඇතැම් ගනුදෙනුකරුවෝ ද මෙම වින්දනීය අවස්ථාවට දායකවීම ද විශේෂත්වයක් විය.
No comments:
Post a Comment