Thursday, March 6, 2025

මාකලෝසා දරුවෝ බෝපිටිය ශා. නිකුලා දෙව්මැදුර බැහැදකිති.

2025. පෙබ. 07 දින මාකලෝසා දරුවෝ සිය ගුරුමව්වරුන් හා ව්‍යාපෘති කළමනාකරු සමග බෝපිටිය ශා. නිකුලා දෙව්මැදුර බැහැදුටූහ. කෙටි හැඳින්වීමකින් පසු එහි විවිධ ස්ථානවලට ඔවුහූ ගියහ. එම ස්ථානවල වැදගත්කම ගැන ඔවුන්ට පැහැදිළි කර දෙන ලදී. තවද ගුරුමව්වරුන් සමග යැදුමකට ද, ඔවුහූ යොමු වූහ. 

අනතුරුව මීසම්භාර පියතුමා හමුවූ ඔවුන් සමග සුහද කතා බහක යෙදුණු පියතුමා දරුවන්ට හා ගුරුවරුන්ට සංග්‍රහයක් ද කළේ ය. දෙව්මැදුරු භූමිය පිටුපස භාගයේ කෙළි දෙළෙන් පසුවන්නට ද ඔවුනට අවස්ථාව ලැබිණි. එදින දැනුම ද, භක්තිය හා විනෝදය ද අත්විඳින්නට දරුවන්ට අවස්ථාව ලැබිණි

No comments:

Post a Comment