Wednesday, February 4, 2026

78 වන නිදහස් දින වැඩසටහන

ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනය සමරමින්, පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය විසින් වැඩසටහනක් සංවිධානය කරන ලදී. මේ සඳහා ළමුන් 35 දෙනෙකු සහභාගී වූ අතර, ඊට මාකලෝසා සිහින පාසලේ ළමුන් 6 දෙනෙකු සහ පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ ළමුන් 29 දෙනෙකු ඇතුළත් විය. මීට අමතරව කාර්ය මණ්ඩලය සහ දෙමාපියන් කීප දෙනෙක්ද එක්ව සිටියහ. මීට අමතරව ස්වේච්ඡා සේවකයෙකු වන නෝර්වේ සිට පැමුණ සිටින සින්ග්නා ක්‍රිස්ටෝෆෙර්සන් මහතාද සම්බන්ධ විය. මෙම උත්සවය පෙබරවාරි 04 වන දින පෙරවරුවේ, පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගම් පරිශ්‍රයේදී පැවැත්විය.

වැඩසටහන ජාතික ධජය ඔසවා ජාතික ගීය ගායනා කිරීමෙන් ආරම්භ වූ අතර, අනතුරුව නිදහස පිළිබඳ කෙටි අධ්‍යාපනික වීඩියෝවක් නරඹා ඒ පිළිබඳ කෙටි සාකච්ඡාවක් පැවැත්විණි. පසුව ළමුන් කණ්ඩායම් පහකට බෙදී, ශ්‍රී ලංකා සිතියම එකලස් කිරීමේ පසල් අභියෝගයකට සහභාගී විය. එමඟින් කණ්ඩායම් හැඟීම, එකමුතුකම සහ සහයෝගීත්වය වර්ධනය විය. ඉන් අනතුරුව දරුවන් ක්‍රියාදාම ගීත දෙකට සම්බන්ධවීමෙන් පසු සියළු දෙනා එක්ව අයිස් ක්‍රීම‍යක රස බැලීය.

මින් අනතුරුව පැවැතියේ කණ්ඩායමක් ලෙස එක්ව චිත්‍රයක් ඇඳීමයි.  එහිදී ඔවුන් නිදහස පිළිබඳව ඔවුන්ට ඇති සිතුවුළි වර්ණවත් සිතුවමක් ලෙස කණ්ඩායම් සිතුවමක් බවට පත්කරන ලදි. 

ශ්‍රී ලංකාවේ නිදහස සිහිපත් කරමින්, ළමුන් අතර මිතුරත්වය, අන්තර්කරණය සහ එකමුතුබව වර්ධනය කළ මෙය වැඩසටහන මතක රැඳෙන දිනක් වනු ඇත.

No comments:

Post a Comment