සම්ප්‍රදායික ජන ක්‍රීඩා වන කොට්ටාපොර, වාසනා මුට්ටිය බිඳීම, හැන්ද මත දෙහි ගෙඩිය ගෙන යාම, ගෝනි රේස්, කාසිය සෙවීම, ඉදිකටුවට නූල දැමීම ඇතුළු සම්ප්‍රදායික ජන ක්‍රීඩා මෙන්ම පැණි බඹරය, ටෙඩිබෙයාර්ට නම තැබීම, නලල මත බිස්කටය තබා කෑම වැනි නූතන ලුත් අවුරුදු ක්‍රීඩාවන්ගෙන්ද වැඩසටහන වර්ණවත් විය.
මෙම වැඩසටහන සඳහා පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ ළමා සාමාජික සාමාජිකාවන්, පෙර පාසලේ දරු දැරියන්, ප්‍රදේශයේ දරු දැරියන්, මාකලෝසා සිහින පාසලේ දරුවන්, අසල්වාසීන් ඇතුළු 200 කට අධික පිරිසක් සම්බන්ධ විය. මෙවැනි ක්‍රියාකාරකම් තුළින් සතුට විනෝදය මෙන්ම ගම්වාසීන් අතර සහයෝගය ප්‍රවර්ධනය කිරීම පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ අරමුණයි.

No comments:
Post a Comment