Monday, April 14, 2025

පමුණුගමට ආ බ්‍රොනයිසුන්ඩ් YMCA YWCA බාලදක්ෂ කණ්ඩායම

පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ මිත්‍ර කණ්ඩායමක් වන නෝර්වේ රාජ්‍යයේ බ්‍රොනයිසුන්ඩ් YMCA YWCA හී බාලදක්ෂ කණ්ඩායමේ 19 දෙනෙකුගෙන් යුත් පිරිසක් 2025 මාර්තු මස 31 සිට අප්‍රියල් මස 14 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කල අතර අප්‍රියල් මස 10 සිට 14 දක්වා පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ රැදී සිටිමින් ක්‍රියාකාරකම් කීපයකට සම්බන්ධ විය. 

අප්‍රියල් 11 වන දින ඔවුන් මාකලෝසා සිහින පාසලේ දරුවන් සමග දිනක් ගත කරන ලදි. එහිදී පාසලේ කටයුතු පිළිබඳව ඔවුන් දැනුවත් වූ අතර දරුවන් සමග ක්‍රීඩා කරමින්, දරුවන්ගේ රංගනයන් රසවිඳිමින් සහ ගීත ගායනය කරමින් කාලය ගතකරන ලදි.

මීලඟ දිනය වෙන්කොට තිබුනේ සංගමයේ සියළුම බාලදක්ෂයින් සමග කාලය ගතකිරීමටය. එහිදීද ඔවුන් ක්‍රීඩා කරමින්, ගීත ගායනා සහ රංගනයන් සිදුකරමින් කාලය ගත කරන ලදි. එදින සවස් වරුවේ ඔවුන් මීගමුවේ කෙටි සංචාරයක යෙදින.

පමුණුගම ගත කල අවසන් දිනය වන 13 වන දින ඔවුම් විවේකීව කාලය ගත කල අතර ගම පුරා ගමන් කල පාදනමස්කාරය දැක ගැනීමට එක්විය. ඉන් අනතුරුව සවස් යාමයේ සමුදීමේ සාදය පැවති අතර ඒ සඳහා සංගමයේ පාලක මණ්ඩලයේ මෙන්ම තරුණ සාමාජික සාමාජිකාවන් 18 ක් පමණ එක්විය. එමෙන්ම මොරටුව අයිලන්ඩ් රෝවර්ස් කණ්ඩායමේ නියෝජිතයින් 4 දෙනෙකුද එක්විය. එහිදී ඔවුන් එකිනෙකා සමග සතුටු සාමිච්චියේ යෙදෙමින් කාලය ගතකරන ලදි.

පින්තූර සඳහා ක්ලික් කරන්න

No comments:

Post a Comment