Monday, August 12, 2024

Farewell to a Pioneer

Nimal Ranjith Policalf Fonseka
Date of Birth: 26.01.1952     Passed Away: 08.08.2024

Comrade Ranjith served the people of our community with unparalleled dedication, contributing not only his labor, knowledge, and time but also his financial resources for the development of the YMCA, originally known as Sasthuma, until he was stricken by illness.

In his service, the status or knowledge of the person in need was irrelevant. If there is anyone in this area who has not received help from him, it is likely because they never needed any.
Since the 1970s, he has been a pioneer in the YMCA’s struggle, rallying the youth against social injustices and corruption.

If not for his willingness to shoulder the burdens of establishing projects like the Settappaduwa Devamata Mandapam, the rural bank, the YMCA center, funeral aid service, fisheries, and relief services, this area would have lost many of the blessings it enjoys today.

Though he sacrificed much in taking on these responsibilities, he remained steadfast and unwavering.
The YMCA stands strong today because of pillars like him. It is an honor for all who benefit from his work to bow down in respect for him.

The greatest tribute we can offer to the social activist Ranjith Fonseka is for the current YMCA members to continue upholding the physical and spiritual values that he helped establish.
"I have fought the good fight. I have finished the race. I have kept the faith." (Paul)

With heavy hearts, we bid farewell to not only a pioneering leader but also a dear friend, brother, and source of strength. We wish you a peaceful journey ahead.

H. Shelton Pierce
YMCA Pioneer Member  
Canada  
09.08.2024

පුරෝගාමී සාමාජිකයකුගේ අභාවය

නිමල් රංජිත් පොලිකාෆ් ෆොන්සේකා.
උපන් දිනය:1952.01.26.            සග උපත: 2024.8.008.

සැනසුම නමින් මුලින් හැදින්වූ YMCA ආරම්භයේ සිට අසනීප තත්ත්වයට පත්වන තුරුම එකම ජීව ගුණයකින් එහි උන්නතිය වෙනුවෙන් තම ශ්‍රමය, දැනුම හා කාලය පමණක් නොව මුල්‍යය සම්පත්ද ලබා දෙමින් අපගේ ප්‍රදේශයේ ජනතාවට හැකි උපරිම ශක්තියෙන් රංජිත් සහෝදරයා සේවය කළේය.

සේවය කිරීමේදී ඔහුට සේවය ලබාගන්නා තැනැත්තාගේ දැනහැදුනුම් කම් හෝ උස්මිටිකම් වැදගත් නොවීය. ඔහුගෙන් උපකාරයක් නොලත් අයෙක් මෙම ප්‍රදේශයේ සිටිත් නම් උපකාරයක් අවශ්‍යය නොවන කෙනෙක්ම විය යුතුය.

1970 දශකයේ සිට තරුණයන් දූෂිත සමාජ අසාධාරණයන්ට එරෙහිව බලමුළු ගන්වමින් සැනසුම/YMCA ගෙනගිය අරගළයේ ඔහු පුරෝගාමියෙක් විය.

සෙත්තප්පාඩුව දේවමාතා මංඩපය, ග්‍රාමීය බැංකුව මතු නොව YMCA මධ්‍යස්ථානය,  අවමංගල්‍යාධාර සේවය, ධීවර, සහන සේවා වැනි ව්‍යාපෘති ආරම්භ කිරීමේ අසීරු කාර්යයන්ට ඔහු උර නුදුන්නා නම් අද බොහෝ දෙන බුක්ති විදින වරප්පරසාද මේ ප්රදේශයට අහිමි වන්නට තිබුනි.

මෙම වගකීම් තම උරහිස මතට ගැනීමේදී ඔහුට බොහෝ දේ අහිමි විය. එහෙත් එයින් ඔහු කම්පා නොවීය.

YMCA ගොඩනැගුනේ ඔහු වැනි කුළුණු මතය. එයින් ඵල ලබන සෑම කෙනෙකුගේම හිස ඔහු වෙනුවෙන් පහත් වීම තමන්ටම කරගන්නා ගෞරවයක් වන්නේය.

වත්මන් YMCA සාමාජිකයන් ඔහුද එක්වී ගොඩනැගූ භෞතික මෙන්ම අධ්‍යාත්මික වූද වටිනාකම් පෙරට ගෙනයාම රංජිත් ෆොන්සේකා නම්වූ සමාජ ක්‍රියාකාරිකයාට කළ හැකි විශාලම ගෞරවය වන්නේය.

"මම යහපත් සටනක් සටන් කළෙමි. දැන් තරගය හමාර කර ඇත්තෙමි. මට හිමි තිළිණය ලැබෙන බව මට විශ්වාසය".  (පාවුළු තුමා).

නායක පුරෝගාමියකු පමණක් නොව මිතුරෙකු, සොහොයුරෙකු හා ශක්තියක්ද වූ ඔබට වේදනා බර හදවතින් පතන්නෙමු සුබ ගමන් !

එච්. ෂෙල්‍ටන් පීරිස් 
YMCA  පුරෝගාමී සාමාජික 
කැනඩාව
2024.08.09

Sunday, August 4, 2024

ආහාර පිළියෙළ කිරීම - Preparing Food

2024 ජූලි 29 මාකලෝසා දරුවන්ට විශේෂ දවසක් වූයේ ඔවුනතින් විශේෂ ආහාර දීසි කීපයක් පිළියෙළ වූ බැවින් ය. එදින් ඔවුහූ ඉතා කදිම ලෙස එළවළු බත්, එළවළු සලාද හා කුකුල් මස් හොද්දක් පිළියෙළ කළහ.

ගුරුවරියෝ දරුවන් එකිනෙකාට කැපීම්, සේදීම් ආදි විවිධ කටයුතු පැවරූහ. වෙහෙස මහන්සියෙන් හා වුවමනාවෙන් කළ මේ කටයුතු හේතුවෙන් අවසන ලද ප්‍රතිඵල වූයේ රසවත් හා ගුණවත් ආහාර දීසි කීපයක් සූදානම් වීම ය. එදින ඒවා භුක්ති විඳි සියලු මාකලෝසා දරුවෝ ඉමහත් සතුටට පත් ව සිටියහ. මහන්සියේ ප්‍රතිඵල කෙතරම් ආස්වාදජනක ද!

29th July 2024 was a special day for Makalause children of YMCA. Because they prepared some special, tasty food dishes: Vegetable Rice, Vegetable Salad and Chiken Curry. Teachers were keen on getting each child to do preparatory works like cutting, chopping, washing. etc. At last they were happy with the outcome which was very tasty. The meal was enjoyed by all at Makalause.