Sunday, June 23, 2024

බස්නාහිර සහ මධ්‍යම පළාත් තරුණ ක්‍රිස්තියානි සංගම් හි ළමා එකමුතුව.

පමුණුගම, මීගමුව, මොරටුව සහ නුවර යන තරුණ ක්‍රිස්තියානි සංගම් නියෝජනය කරමින් ළමා සාමාජික සාමාජිකාවන් 36 දෙනෙකුගේ සහභාගිත්වයෙන් ළමා කඳවුරක් 2024 ජුනි මස 21 - 23 යන දිනයන්හි මහා ඔය වතුයායේ පිහිටා ඇති දෙමළ විද්‍යාල භූමියේදී පැවැත්විණ. මෙම කඳවුර සංවිධානය කර තිබූයේ  තරුණ ක්‍රිස්තියානි සංගම් ජාතික සභාව සමඟ එක්ව බස්නාහිර, මධ්‍යම සහ දකුණු පළාත් ප්‍රාදේශීය තරුණ ක්‍රිස්තියානි සංගම් එකමුතුව විසිනි.  කඳවුර අතරතුර පැවැති  ක්‍රියාකාරකම් සඳහා නායකත්වය ලබාදෙනු ලැබුවේ කඳවුරු අධ්‍යක්ෂක සුදේශ් මැන්ඩිස් මහතාගේ නායකත්වයෙන් යුතුව සහභාගී වූ තරුණ ක්‍රිස්තියානි සංගම් නියෝජනය කළ නායක නායිකාවන් 16 දෙනෙකු විසිනි.

තරුණ ක්‍රිස්තියානි සංගම් ජාතික සභාවේ ප්‍රධාන ලේකම් නිරංග ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් කඳවුරේ ආරම්භක උත්සවය පැවැති අතර ඉන්පසුව එකිනෙකා හ ඳුනා ගැනීම සඳහා වූ කණ්ඩායම් ක්‍රියාකාරකම් කිහිපයකට මෙන්ම එළිමහන් කඳවුරුකරණයේ දී අවශ්‍ය වන කුසලතා වර්ධනය සඳහා වූ ක්‍රියාකාරකමකට සහභාගි විය.

දෙවන දිනය තුළ පැවති වැඩසටහන් අතර වතුයාය පුරා පැවැති පා ගමන විශේෂ විය.  එහිදී ඔවුන් හට දර්ශනීය දිය ඇලි කිහිපයක් දැකබලා ගැනීමට මෙන්ම, රබර් සහ කටුපොල් වගාව  සිදුවන ආකාරය පිළිබඳව දැනුවත් වීමටද හැකි විය. කඳවුරු ගීත ගායනය,  ගිනි මැල සංදර්ශනය එදින පැවති අනෙකුත් වැඩසටහන් අතරින් විශේෂත්වයක් ගැනින. 

කඳවුරු භූමියෙන් ගලා ගියා කුඩා අතු ගංගාවේ දිය නාමින් විනෝද වීමට කඳවුර පුරාවට දරුවන්ට ලැබුණු අවස්ථාව දරුවන්ට මෙන්ම නායක නායිකාවන්ට ද  විනෝදජනක  අත්දැකීමක් විය. තුන්වන දින උදෑසන කඳවුරු භූමිය පිරිසිදු කිරීමෙන් අනතුරුව ඊට යාබදව පිහිටින වතු අධිකාරි තුමන්ගේ බංගලාව වෙත ගොස් දරුවන් සමූහ පින්තූරයකට සහභාගි වීමෙන් අනතුරුව කඳවුර සාර්ථක කර ගැනීම සඳහා දායකත්වය දැක්වූ ලලාන් සමූහයේ වතු අධිකාරී අමල කුරුප්පු මහතාට සහ එතුමාගේ කාර්ය මණ්ඩලයට ස්තූතිය පුදකෙරිණ. 

ඉන් අනතුරුව දරුවන් සහ නායක නායිකාවන් තම තරුණ ක්‍රිස්තියානි සංගම් වෙත නික්මිණ. මෙම කඳවුර සඳහා පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය නියෝජනය කරමින්  දරු දැරියන් නම දෙනෙකු සහ නායක නායිකාවන් හතර දෙනකු සම්බන්ධ විය.

පින්තූර සඳහා මෙම ලින්ක් එක ක්ලික් කරන්න

No comments:

Post a Comment