Monday, November 4, 2024

හපුගොඩ ශාන්ත මරියා ආදර්ශ විද්‍යාලයේ පැවති එක් දින කඳවුර.

හය හත සහ අට යන ශ්‍රේණි වල සිසුන්ගේ සහභාගිත්වයෙන් ඔක්තෝබර් 31 වන දින හපුගොඩ ශාන්ත මරියා ආදර්ශ විදුහලේ දී එක් දින කඳවුරක් පැවැත්විණ. මෙම වැඩසටහන පැවැත්වූයේ එම පාසලේ ආචාර්යවරියක් වන රසිකා  තිසේරා මහත්මියගේ ආරාධනයෙනි. ඇය පමණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ ද උපදේශක මණ්ඩල සාමාජිකාවකි. 

පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ තරුණ සාමාජික සාමාජිකාවන් පස්දෙනෙකු සහ කාර්යමණ්ඩලයේ දෙදෙනෙකු මෙම කඳවුරට නායකත්වය ලබා දුන් අතර දරුවන් සියයකට අධික ප්‍රමාණයක් සහභාගී විය. 

දිනය පුරා ගෘහස්ථ මෙන්ම එළිමහනේ පැවති විවිධ ක්‍රියාකාරකම් විනෝද වැඩසටහන් සහ ගීත ගායනාවලින් වැඩසටහන සමන්විත විය. දිනය අවසන් වූයේ දරුවන්ගේ හැකියාවන් වලින් හැඩ වැඩ වූ ගිනි මැල සංදර්ශනයකිනි. 

විශාල ප්‍රමාණයක් මෙම කඳවුරු සඳහා සහභාගි වූ බැවින් පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ නායක නායිකාවන් හට අභියෝගාත්මක මෙන්ම නවමු අත්දැකීමක් විය.

Pamunugama YMCA Leads Day Camp at Hapugoda St. Mary's Model School

On October 31, 2024, Pamunugama YMCA hosted an Day Camp at Hapugoda St. Mary's Model School, bringing together 100 energetic students from grades 6, 7 and 8. YMCA was invited by Rasika Thisera—a teacher at the school and a longtime member of the YMCA of Pamunugama. YMCA team led a full day of engaging activities that encouraged teamwork, creativity, and fun.

The day featured a mix of indoor and outdoor games, group activities, and lively camp songs. As the sun set, the students gathered around a campfire, sharing performances, songs.

With a large group of students, the day posed new challenges for the YMCA team, but they embraced the opportunity. Five youth leaders and two YMCA staff led the activities, ensuring each camper felt included and inspired. This successful event was a memorable experience for both the students and the YMCA team.